Local

දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීමට සියලු සහාය රජයෙන් -ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා

Tuesday, 30 January 2024 - 4:48 am

දේශීය ටින්මාළු කර්මාන්තය නංවාලීමට අවශ්‍ය සියලු සහයෝගය රජයෙන් ලබා දෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. දැනටමත් විදේශීය ටින්මාළු ගෙන්වීම පාලනය කර ඇති බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන දේශීය ටින්මාළුවල තත්ත්වය උසස් කිරීමට ටින්මාළු නිෂ්පාදකයන් පියවර ගත යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගිය 26දා හලාවත මහවැව ප්‍රදේශයේ පිහිටි, PRF සී ෆුඩ් පෞද්ගලික සමාගම නිරීක්ෂණය කිරීමට එක්වූ අවස්ථාවේදීය.

දේශීය ටින්මාළුවල තත්ත්වය විදේශීය ටින්මාළු තත්ත්වයටම නැති බවට ටින්මාළු අපනයනකරුවන් දැනුම් දී ඇති බවත් පැවසු ඇමැතිවරයා අවධාරණය කළේ උසස් තත්ත්වයෙන් යුතු ටින්මාළු නිපදවීම එම නිෂ්පාදකයන්ගේ වගකීම බවයි. මේ සඳහා රජය මඟින් අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස තමන් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙන බව ද පැවසූ ධීවර ඇමැතිවරයා දේශිය ටින්මාළුවල ප්‍රමිතිය නිසියාකාරව තිබිය යුතු බව ද පැවසීය.

දේශීය ටින්මාළු කර්මාන්තශාලා 18ක් පමණ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කර ඇති බවත් අනුමත නොවූ කර්මාන්ත ශාලා ද තිබෙන බව තමන්ට දැනගන්න ලැබුණු බවත් පැවසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ටින් මාළු කර්මාන්තය දියුණු වීමෙන් දේශීය ධීවරයාට සිය මසුන් අස්වැන්න අලෙවි කර ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, ධීවර අමාත්‍යාශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනෙවිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT