Local

ඉන්දීය රජයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහාම පූර්ණ ශිෂ්‍යත්ව

Friday, 09 February 2024 - 9:54 am

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයන් සඳහා ඒ. පී. ජේ. අබ්දුල් කලාම් පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් කැඳවා ඇත.

කීර්තිමත් ඉන්දියානු විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනයන් හි වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන් හි උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

ශ්‍රී ලාංකිකයන් සඳහා පමණක් පිරිනමනු ලබන උපාධි පාඨමාලා අධ්‍යයන වර්ෂ 2024-2025 සඳහා වේ.

මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ සම්පුර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබා දෙනු ලැබේ. එසේම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපල වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක්ද වෙනත් දීමනා රැසක්ද ලබා දෙයි. තෝරා ගනු ලබන අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාලය ඇතුළත නේවාසිකාගාර පහසුකම් ද සපයනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඉන්දීය රජය සුදුසුකම් සපුරාලන, දක්ෂ ශ්‍රී ලාංකිකයන් තෝරා ගනු ලබයි. අයදුම්කරුවන් තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේය. අවශ්‍ය විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවිය වන www.mohe.gov.lk තුළින් ලබා ගත හැකිය. මෙම උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට සපුරා තිබිය යුතු සුදුසුකම් හා තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශය (0112421605, 0112422788, 0112422789/eduwing.colombo@mea.gov.in) හෝ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ වන ලෙස උනන්දුවක් දක්වන සිසුන් වෙත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දන්වනු ලැබේ.

 
 
 
 


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT