ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට මාස් පතා සිදු කරන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතය.
ඒ අනුව අද දිනය සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල පහත දැමුණු ඇති බවට සමාජ ජාල වල වාර්තා පළවෙයි.
කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් තෙල් සංස්ථාවට ලැබී නැති බවයි.
මහා භාණ්ඩාගාරය විසින් ඊට අවශ්‍ය උපදෙස් නිකුත් කළහොත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු වනු ඇති බවද හෙතෙම පැවසීය.
නව රජය පත්වීමෙන් පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී තිබීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ පසුගිය මැතිවරණ වේදිකාවේ ඉන්ධන මත පනවා ඇති දැවැත්න බදු සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා එල වූ පසුබිමකයි.