Local

මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම්, සුරාබදු සහ රේගු දෙපාර්තමේන්තු කෝපා කමිටුවට

Monday, 29 January 2024 - 9:53 pm

රජයේ ආදායම් වැඩි කිරීම සදහා පාර්ලිමේන්තු කාරක සභා ගණනාවකින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරී‍ම ප්‍රමාද වීම සොයා බැලීම සදහා මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පසුගිය 24 වැනිදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා කමිටුව) කැඳවා තිබුණි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ, ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අළුත්ගමගේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාඨලී චම්පික රණවක යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.

රාජ්‍ය ආදායමට ඍජුව බලපාන ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධතිය සංවර්ධනය කිරීමට අදාලව 2016 වසරේ සිට මුදල් අමාත්‍යාංශයට යෝජනාවලියක් ඉදිරිපත් කළ ද 2022 වසරේදී ද එය ඉටු නොවී නැතිබවත් කෝපා සභාපතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව ජනාධිපති ලේකම්වරයා හා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කිරීමට සිදු වූ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම 2024 වසර සදහා වන අයවැය සකස් කිරීමේදී අදාළ ඇස්තමේන්තු සැකසීම සදහා මුදල් අමාත්‍යාංශය අනෙකුත් ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් සිදු කර නැති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දාන්ද අළුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සදහා දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවයි.

මත්පැන් නිෂ්පාදකයන් බදු ගෙවීම සිදු නොකළද සුරා බදු දෙපාර්තමේන්තුව බලපත්‍ර අළුත් කිරීම සිදු කරන බැවින් බදු නොගෙවන්නේනම් බලපත්‍ර අලුත් නොකරන ලෙසට සිය කාරක සභාව විසින් යෝජනා කළද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශයක් ඒ සදහා නොමැති බව කියමින් බලපත්‍ර අලුත් කර ඇති බව ද ඒ මහතා පැවසීය. සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් හිමියන් වෙනුවෙන් නොව රජය වෙනුවෙන් සෑම විටම පෙනී සිටිය යුතු බව ද ඒ මහතා මෙහිදී පැවසීය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තාවකාලික වැට් අංකයක් නිකුත් කිරීම නිසා බහාලුම් විවිධ නම්වලින් ආනයනය කර පසුදින සමාගම වසාදමන බවත් එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බවත් අළුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.

දේශීය අදායම් පනත සකස් වී ඇත්තේ බදු නොගෙවීම දිරිමත් කිරීමට බවත් අභියාචනා 4ක් ඉදිරිපත් කළ හැකි, වසර 20ක් බදු නොගෙවා සිටිය හැකි ආකාරයේ කිසිදු පනතක් සහ නෛතික තත්ත්වයක් ලොව කිසිදු රටක නොමැති බවද ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දාන්ද අළුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කරන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු ගාමිණි වලේබොඩ මහතා පැවසුවේ සිය ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කරුණු රැසක් අනාවරණය වූ බවයි. එම ගැටලුවලින් 50%කට වැඩි ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කාරණා මත සිදුව ඇති බවත් ඒ අනුව මුදල් අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්විය යුතු බවත් ඒ මහතා සදහන් කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු පිළිබඳ නිසි උපදෙස් ලබා දෙමින් කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් අදාළ පරිසාධන මට්ටම්වලට ළගාවීමට නිසි සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් සිදුකළ යුුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ද මෙහිදී අදහස් දක්වන ලදී. කැසිනෝ සදහා නියාමකයෙක් පත් කරන ලෙස මුදල් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කළ පරිදි නියාමන ආයතන සැකසීම 2023 සැප්තැම්බර් වන විට සිදුකරන බව පැවසුව ද මේවන තෙක් ඉටු නොකිරීම පිළිබඳව ඒ මහතා අවධානය යොමු කළේය. එසේම අමාත්‍යාංශය හා අදාළ ආයතන අතර නිසි සම්බන්ධතාවක් නොමැති වීම ගැටලු සහගත බව පෙන්වා දුන්නේය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතියට අදාළ ගිවිසුම හෝ විගණකාධිපතිවරයාට ලබා දී නොමැති වීම ගැටලු සහගත බව ද මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව මෙම සියලු කාරක සභා මගින් මෙම ආයතනවලට අදාළව පසුගිය වසරක කාලය තුළ ඉදිරිපත් කළ සාකච්ඡා සටහන් මුදල් අමාත්‍යාංශයට නැවත යොමු කරන බවත් ඒ සදහා මාසයක් ඇතුළත විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේය.

මීට අමතරව සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළ ස්ටිකර් වංචාව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව පවතින නෛතික හිඩැස් ඇතුළු කාරණා ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී අවධානය යොමුවිය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහිදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ රැස්වීමට සම්බන්ධවූ අතර, මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් රැස්වීමට සහභාගී වූහ.

 

 
 
 
 


Top Stories
wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි - බැසිල්

wedivistara

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

wedivistara

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

wedivistara

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

wedivistara

සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT