Sports

SL vs ZIM : ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Wednesday, 03 January 2024 - 3:42 pm

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග විසින් එම සංචිතය නිල වශයෙන් නිවේදනය කළා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර මීට පෙර නම් කෙරුණු මූලික එක්දින සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු හා කමිඳු මෙන්ඩිස් අවසන් සංචිතය සදහා නම් කර නොමැති බවයි සඳහන් වන්නේ.

හිටපු නායන දසුන් ශානක එක්දින සංචිතය සදහා නම් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ හා සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයින් එක්දින සංචිතයට කැඳවීම​ට නව තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

වනිඳු හසරංග සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බවයි උපුල් තරංග වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතය පහතින්

* Kusal Mendis – Captain* Charith Asalanka – Vice Captain* Pathum Nissanka* Avishka Fe ando* Sadeera Samarawickrama* Sahan Arachchige* Nuwanidu Fe ando* Dasun Shanaka* Janith Liyanage* Wanindu Hasaranga* Maheesh Theekshana* Dilshan Madushanka* Dushmantha Chameera* Dunith Wellalage* Pramod Madhushan* Akila Dananjaya* Jeffrey Vandersay


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT