Local

IMF සමාලෝචනය ඉක්මන් කර ADB හා ලෝක බැංකුවෙන් ණය ගන්නවා..- ජනාධිපති

Tuesday, 12 November 2024 - 2:48 pm

තම රජය යටතේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් මැතිවරණ කාලසීමාවක ඇති වී තිබෙන සංකීර්ණ වටපිටාව තුළ විවිධ කරුණු එකිනෙකාට හැඟෙන පරිදි ප්‍රකාශ කරමින් ඇති බවද පැවසූ ඔහු මැතිවරණයෙන් අනතුරුව පිහිටුවන කැබිනට් මණ්ඩලයෙක් දී අදාළ කරුණු මීට වඩා පුළුල්ව සාකච්ඡා කර පූර්ව අවබෝධයක් සහිතව අදහස් පළවෙනු ඇති බවද සඳහන් කළේය.

ණය ගැනීම අපරාධයක් නොවන බවත් හොඳ ණයක් ලැබෙන්නේ නම් රටටත් ව්‍යවසායකයන්ටත් හොඳ බවද හෙතෙම කියා සිටී.

මෙරටට ණය බරක් වුයේ අදාළ ණය වලින් ඊට අදාළ වත්කම් රට තුළ නිර්මාණය නොවීම හේතුවෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ එම සඳහා අතිරේක ප්‍රාග්ධනයන් සපයා ගත යුතු බවද පවසන ඔහු එහිදී ණය ලබා ගැනීම වැදගත් බවත් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ඉක්මන් කර ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන් විසින් ලබා දෙන ඊළඟ ණය වාරික ලබා ගැනීමටත් ඉන් අනතුරුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ප‍්‍රධානයන් කිහිපයක්ම ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බවද ඒ මහතා කියා සිටී.

දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනේදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී


Top Stories
wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT