Local

අය­වැය යෝජ­නා­වල ප්‍රග­තිය පිළි­බඳ දැඩි සමා­ලෝ­ච­න­යක් අප්‍රේල් අගදී

Saturday, 24 February 2024 - 10:13 am

මේ වසර ඇතු­ළත ක්‍රියා­ත්මක කිරී­මට යෝජනා කළ 2024 අය­වැය යෝජ­නා­ව­ලින් කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කර තිබේද, කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කළ යුතුව ඇත්ද සහ පව­තින බාධා හා ගැටලු මොන­වාද යන්න එළ­ඹෙන අප්‍රේල් මාසය අගදී දැඩිව සමා­ලෝ­ච­න­ය­කට භාජ­නය කිරී­මට රජය තීර­ණය කර ඇත.

වසර 2024 අය­වැය යෝජනා බලා­පො­රොත්තු වූ ආකා­ර­යෙන්ම ක්‍රියා­වට නැවී­මට මේ සමා­ලෝ­ච­නය හා පසු විප­රම් විශාල පිටු­බ­ල­යක් වනු ඇතැයි ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ ආර්ථික උප­දේ­ශක ආචාර්ය ආර්.එච්.එස්. සම­ර­තුංග ප්‍රකාශ කළේය.

මාස 4කට වරක් ජනා­ධි­පති කාර්යා­ලයේ, අග්‍රා­මාත්‍ය කාර්යා­ලය සහ සෑම අමා­ත්‍යාං­ශ­ය­කම අය­වැය යෝජනා සම්බ­න්ධ­යෙන් ප්‍රග­තිය සමා­ලෝ­ච­නය කිරීම විධි­මත්ව සිදු කිරී­මට පිය­වර ගනු ඇත. වඩාත් විධි­මත් සහ විනි­වි­ද­භා­ව­යෙන් යුතුව ජන­තා­වගේ යහ­පත සහ සංව­ර්ධ­නය සඳහා රජය යොමු කරන මුදල් හා වැඩ­ස­ට­හන් ඒ ආකා­ර­යෙන්ම ක්‍රියා­ත්මක කොට තිබේ­දැයි මේ සමා­ලෝ­ච­න­ය­න්හිදී හඳු­නා­ගැ­නී­මට හැකි වනු ඇතැ­යිද ජ්‍යෙෂ්ඨ ආර්ථික උප­දේ­ශ­ක­ව­රයා බලා­පො­රොත්තු පළ කළේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මුදල් ඇමැ­ති­ව­රයා ලෙස මේ වසර සඳහා වූ අය­වැය ඉකුත් නොවැ­ම්බර් මස ඉදි­රි­පත් කළ අතර, ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා උරු­මය ඉඩම් ඔප්පු ලබා දීම, මහ­නු­වර සංව­ර්ධන යෝජනා ක්‍රියා­ත්මක කිරීම ඇතුළු යෝජනා ගණ­නා­වක් ඊට ඇතු­ළත් වූ බවද කීය.


Top Stories
wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT