Sports

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ලබන 30 වැනිදා දිවයිනට

Friday, 19 January 2024 - 8:53 am

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ජනවාරි 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව එම තරග සංචාරය සඳහා තරග රටා ත්‍රිත්වයම ඇතුළත් අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3 ක් ඇතුළත් වනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා ආරම්භ වන අතර අනතුරුව එක්දින තරගාවලිය පෙබරවාරි 9, 11 හා 14 යන දිනවලදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 17 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර ඉතිරි තරග 19 සහ 21 දිනවලදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

 


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT