Local

76 වැනි නිදහස් සමරුවේ ගෞරවනීය ආරාධිතයා තායි අගමැති

Monday, 29 January 2024 - 9:14 pm

තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල චාරිකාව නිරත වෙයි.

තායි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ගෞරවනීය ආරාධිතයා වශයෙන් සහභාගී වනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මෙම සංචාරය අතරතුරදී, තායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කිරීමටද නියමිතය.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබේ. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කොට ශ්‍රී ලංකාව ආසියාන් රටවල ආර්ථික සමඟ තවත් දැඩි ලෙස සමෝධානය වීම ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේක්ෂිතය. මීට අමතරව, දෙරට අතර පවතින ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.

තායිලන්තයේ වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සහ වෙළෙඳ ප්‍රමන්ත්‍රණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ ලංකා වාණිජ මණ්ඩලයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා- තායිලන්ත ව්‍යාපාරික සංසදයක් මෙම සංචාරය අතරතුරදී කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ.

මෙම සංචාරයේදී, තායි අග්‍රාමාත්‍යවරයා සමඟ තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය ජක්කපොං සංග්මනී යන මහත්වරුන්ද, ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයන්ද ඇතුළු 39 දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් පැමිණෙයි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT