Local

දවස් 54 ක් යාලුවෝ වෙලා හිටපු කණ්ඩායම දාලා එන්න වුනු එක ගැන දුකයි - දුමින්ද දිසානායක

Wednesday, 16 July 2025 - 10:10 am

හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ගොස් ලබාගන්නා දැනුමට වඩා හොඳ සමාජ අවබෝධයක් පසුගිය දින 54 තුළ තමාට ලබා ගැනීමට හැකියාව ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඒ අනුව, වසර 25 ක තමාගේ දේශපාලන දිවිය තුළ තමාට සතුටුම දින 54 වනුයේ සිරගතව සිටි කාලය බවයි අද (15) ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ගතවූ දින 54 තුළ ලබාගත් සමාජ අවබෝධය තමාගේ අවුරුදු 46 ක ජීවිත කාලය තුළ ලබා ගැනීමට නොහැකි වූ බවත්, තමා සිරගත වූ කාලයේ සිටියේ LTTE ත්‍රස්තවාදීන්, ප්‍රධාන පාතාල කණ්ඩායම්වල සාමාජිකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයින් සමග බවත්, මේ සියලු දෙනා සමඟම සිටිමින් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවූ බවත්, ඔවුන් සමඟ තමන් එක බත්පත බෙදාගෙන කෑ බවත් ඔහු ප්‍රකාශ කළා.

දින 54 කට පසු යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටක් තිබුණ ද, තමන් දින 54 ක් ගත කළ යහලු‍වන් කණ්ඩායමෙන් වෙන්වීමට සිදුවීම කණගාටුදායක බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT