Local

සිසුන් දස ලක්ෂයකගේ දිවා ආහාර දීමනාව ඉහළට

Wednesday, 06 March 2024 - 8:28 am

ප්‍රාථමික අංශයේ පාසල් සිසුන් සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් 110ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙතෙක් එම ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන් කර තිබූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව, එක් ආහාර වේලක් වෙනුවෙන් එක් සිසුවකු සඳහා වැය වන මුදල රුපියල් 110/-ක් දක්වා වැඩි කිරීමටත් ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා 2024 වර්ෂය තුළ දින 170ක් සඳහා “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය. රජයේ පාසල්වල 01 වැනි ශ්‍රේණියේ සිට 05 වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ට පාසල් ආහාර වැඩසටහන නැවත වහාම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව ද ඇමැතිවරයා පැවැසීය. සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබන අතර, එක් සිසුවකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන් කරන ලදි. වෙළෙඳපොළ තුළ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උච්ඡාවචනය අනුව එක් ආහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110ක පමණ මුදලක් වැය වන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ නිලධාරි කමිටුව විසින් වාර්තා කර ඇත.

එසේම, “පාසල් ආහාර වැඩසටහන” වෙනුවෙන් Save the Children සංවිධානය මඟින් 2024 වර්ෂය සඳහා තෝරාගත් පාසල් 917ක සිසුන් ලක්ෂ 2කට ආහාර ද්‍රව්‍ය වර්ග 03ක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.


Top Stories
wedivistara

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

wedivistara

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

wedivistara

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

wedivistara

පහේ ශිෂ්‍යත්ව ගුරුවරියගෙන් පහර කෑ තරුණයාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

wedivistara

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT