දෝන කතිරිනා සහ සෙනරත් දෙපළගේ බාල පුතු වූ මහ අස්ථාන කුමරු හෙවත් දෙවන රාජසිංහල වර්ෂ 1635දී උඩරට රජවීමත් සමඟ උඩරට ඉතිහාසය තුළ වැදගත් සංධිස්ථානයක් ඇති වූ බව කිවහොත් එය නිවැරදිය. ප්‍රතිකාලුන් ලක්දිවින් නෙරපා දිවයින ඒකච්ඡත්‍ර කිරීමේ මහඟු ආශාවෙන් මඬනා ලද දෙවන රාජසිංහල වර්ෂ 1629 සිටම උඩරට රාජ්‍ය කටයුතුවලට සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ මනා පුහුණුවක් ලැබීය. ප්‍රතිකාලුන් පිටුදැකීමට නොහැකි වනුයේ ශක්තිමත් නාවුක බලයක් නෙමැති බැවින් බව අවබෝධ කොටගත් රජුල එසේ නාවුක බලයක ආධාර ලැබීමේ ප්‍රතිඵලය වූයේ එක් විදේශීය ජාතියක් පන්නා හැරීමට තවත් විදේශීය ජාතියක් සමීප කරගැනීමට සිදුවීමයි.
‘ඉඟුරු දී මිරිස් ගත්තා වැනිය’ යන කියමනක් ප්‍රකට වී තිබුණත් රජු මෙමගින් අනුවණ ක්‍රියාකලාපයක් ගත්තා යැයි කීම නොවටී. එනම්, දෙවන රාජසිංහ රජු නාවුක ආධාර පැතූ ලන්දේසීන් ලක්දිව හිමිකරගත් ප්‍රදේශ දෙස බැලීමේදී පෙනීයන්නේ ප්‍රතිකාලුන්ගේ බලය උච්ඡාවස්ථාවේ ඔවුන්ට හිමි වූ ප්‍රදේශයන්ගෙන් ලන්දේසීන්ට හිමිවූයේ ඉන් අඩක් තරම් ප්‍රදේශයක් බවයි. එනම්, වඩා භායනක සතුරා නෙරපා හැරීමට දෙවන රාජසිංහ රජු කටයුතු කර ඇත්තේ නොවේද? ප්‍රතිකාල් ලේඛකයකුගේ විස්තරයකින්ද පෙනී යන්නේල ලන්දේසීන් ප්‍රතිකාලුන් තරම්ම අනතුරුදායී නොවූ බවයි.
“අපි රාජසිංහගේ අසල්වාසීන් වශයෙන් සිටින තුරු ඔහුට සැනසීමක් නොතිබිණ. එහෙත් ලන්දේසීන් හා ක්‍රියාකිරීම අප සමඟ ක්‍රියා කිරීමට වඩා එතුමාට ඉතා පහසු කාර්යයක් වෙයි.”
දෙවන රාජසිංහ රජු ලන්දේසීන් සමඟ මිත්‍රවීමට යත්න දරමින් සිටි කාලයේ, රජු සමඟ සබඳතා ඇතිකර ගැනීමට ඔවුන් ද උත්සාහ දරමින් සිටියේය. මේ අතර ලන්දේසීන්ගෙන් යුද ආධාර පතා යැවූ ලිපිය කුලිකට් පාලකයාට ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විලියම් ජේකබ් කොස්ටර් නැව් හතරකින් යුත් කණ්ඩායමක් සමඟ ලංකාවට පැමිණියේය. මොහු පැමිණීමට ආසන්න කාලයේ දියෝගු ද මේලෝ උඩරට ආක්‍රමණය කළ අතර ගන්නොරුවේදී ඇතිවූ දරුණු සටනකින් ප්‍රතිකාල් හමුදාව සමූලඝාතනය කිරීමට දෙවන රාජසිංහ රජුට හැකිවිය. මඩකලපුව කෙරෙහි අවධානය යොමු කළ කොස්ටර්, 1638 අප්‍රේල් 18 වැනිදා ප්‍රතිකාලුන්ගෙන් මඩකලපුව අල්ලා ගත්තේය. රජුගේ හමුදා පැමිණීමට ප්‍රමාද වුවද බලකොටුව වැටෙන්නට පෙර ආවේය. මඩකලපුව අල්ලාගැනීමෙන් පසු ඇඩම් වෙස්ටර් වෝල්ඩ් හා රජු අතර ගිවිසුමකට අත්සන් තැබිණි. ඒ ලන්දේසීන් හා රාජසිංහ රජු අතර සබඳතාවල පදනම වශයෙනි.
යථෝක්ත ගිවිසුමේ තෙවන වගන්තියේ අල්ලාගන්නා බලකොටු රජු කැමතිනම් පමණක්’ ඕලන්දයන් විසින් ආරක්ෂා කළ යුතු බව කියැවුණත්, ලන්දේසීන් තුළ තිබූ වාණිජ පරමාර්ථ හේතුවෙන් ඔවුන් යොදාගත් ගිවිසුම් පිටපතේ එම කොටස අඩංගු කළේ නැත. නමුත් රජු සෑම විටෙකම ඉදිරිපත් කළේ මුල් පිටපතයි. පසුකාලීනව ලන්දේසි ලේඛකයන් නිතොරව පවසන දෙයක් වන්නේ රජු ගිවිසුම කඩවන අයුරින් ක්‍රියාකළ බවයි. නමුත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම ඇරඹූ මොහොතේ සිට ගිවිසුම කඩකළෝ ලන්දේසීහු නොවේ ද? රාජසිංහ රජු යනු ලන්දේසි භාෂාව දත් පුද්ගලයෙකි. චතුර කථිකයෙකි. භාෂා පරිවර්තකයන් නොමැතිවම ලන්දේසීන් සමග කතා කළ රජුට රහසින්, රජු මුළාකොට ගිවිසුම් ගැසීමට නොහැකි වූ බව නොරහසකි. අනෙක් පසින් මේ ගිවිසුම දින ගණනක් රාජ සභාවේ සාකච්ඡා කර තිබේ. එනම් ලන්දේසීන් යොදාගත් පිටපත වංචාසහගත එකක් බව කීම නිවැරදිය.
ගිවිසුමෙන් පසු 1639දී ත්‍රිකුණාමලය අල්ලා ගත්තේය. ගිවිසුමට අනුව නම් මෙය දෙපිරිසම එකතු වී කළ යුතු වුවත් රජුගේ සේනාවට ප්‍රමාද වී පණිවුඩය ලැබෙන පරිදි දැන්වූවා පමණක් නොව, පැමිණි සේනාවට ද පහරදුන්නේය. පසුව පැවසුවේ මංකොල්ලකාරයන් යැයි සිතා පහරදුන් බවයි. මෙවැනි වංචාසහගත දේ කළා පමණක් නොව, ත්‍රිකුණාමලය අල්ලා ගැනීමට රජු ආධාර නොකළ බවත්, ඕලන්ද ලේඛකයෝ කියති. නමුත් එය නිවැරදි නොවන්නේ රජු යටතේ සිටි සමන්තුරේ නිලධාරියා හමුදාවට අවශ්‍ය භටයන් හා ආහාර සැපයූ බැවිනි.
1640දී ගාල්ලල මීගමුව අල්ලාගත් අතර මේ පළාත් භාර නොදෙන විට රජුල ගිය යුද වියදම් කොපමණදැයි ඇසීය. නමුත් මෙහිදී ලන්දේසීන් කටයුතු කළේ රජු ණයකාරයකු බව ලොවට ඒත්තු ගැන්වෙන ආකාරයෙනි. එනම් යුද වියදම් මහත්කර දක්වමින් ද, දුන් භාණ්ඩ ණය මුදලින් අඩුනොකරමින් ද රජු සදාකාලික ණයකාරයෙක් ලෙස තබාගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.
මේ අතර 1642දී යුරෝපයේ ඕලන්දයන් හා ප්‍රතිකාලුන් අතර සාම ගිවිසුමක් ඇතිවූ නිසා පෙරදිග ද මේ දෙපිරිස අතර සාමාකාමී තත්ත්වයක් පැවතිණි. නමුත් එය නිමාවීමත් සමඟ නැවත සටන් ඇතිවිය. ඒ අනුව ලන්දේසීන් විසින් කොළඹත් යාපනයත් අල්ලා ගන්නා ලදී. මේ අනුව ලන්දේසීහු රජුගේ සේනාව පළවා හැරියහ. ස්වකීය මූලාශ්‍ර තුළින් වංක, කූට රජෙක් ලෙස දෙවන රාජසිංහ හැඳින්වුව ද කරුණු විමසීමෙන් පෙනී යන්නේ ලක්දිව පහළ වූ ශ්‍රේෂ්ඨ වීර චරිතයක් කෙලෙසා දැමීමට ඔවුන් උත්සාහ ගත්ත ද එය නිවැරදි නොවන බවයි.
ප්‍රතිකාල් පාලනය මෙලෙසින් තුරන් වුවත් නවතම බාධකය වූයේ ලන්දේසීන්යග ඒ අනුව රජුගේ නවතම ප්‍රතිපත්තිය වූයේ ලන්දේසීන් දිනාගත් ප්‍රදේශ ජනශූන්‍ය කිරීමයි. එසේම කුරුඳු ප්‍රධාන කොටගත් ආර්ථික ලාභ ලැබිය හැකි සෑම දෙයක්ම පාහේ විනාශකළ නිසා ලන්දේසීන් බලාපොරොත්තු වූ ආර්ථික වාසි ද ඔවුන්ට නොලැබුණි.
ලන්දේසි පාලනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා රයික්ලෝෆන් හූන්ස් ලංකාවට පැමිණියේ මෙකලයි. මොහු රාජසිංහ රජුට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා සිටි අතර 1664දී ඇතිවූ අඹන්වෙල රාළගේ කැරැල්ල ඔහුට දේවාශිර්වාදයක්ම විය. රජු ෆන්හූන්ස්ගෙන් ආධාර ඉල්ලීම එයට හේතුවයි. නමුත් ඉතා සුළු කලකින් කැරැල්ල මැඬපැවැත්වීමට රජුට හැකිවිය. ඕලන්ද ලේඛකයෝ මෙය ජාතික කැරැල්ලක් ලෙස හඳුන්වා ඇති අතර රොබට් නොක්ස් සඳහන් කරන්නේ, රජුගේ ක්‍රෑර පාලනයට විරුද්ධව මෙය ඇතිවූ බවයි. නමුත් සත්‍ය එය නොවේ. මේ කැරැල්ලට සම්බන්ධ වූයේ රටේ ඉතා සීමිත ප්‍රදේශයකි. රජු මරා තමන්ගේ අභිමතය පරිදි පාලනය ගෙනයෑමට රිසි වූ රදලයන් පිරිසක් මෙය ඇති කරන ලදී. ඒ අනුව මෙය සීමිත පිරිසකගේ අවශ්‍යතාවක් මත සිදුවූවක් බව පැහැදිලිය. එනම් රජු රැකීමට වෙරගත්තෝ බොහෝ වූහ. මේ නිසා අභීත ඉතිහාසයක් ඇති සිංහලයන්, දෙවන රාජසිංහ චරිතය පිළිබඳ අවබෝධ කරගැනීමේදී ඕලන්ද ලියකියවිලි කෙරෙහි දෙපාරක් සිතිය යුතුය.
සැබැවින්ම දෙවන රාජසිංහ චරිතය ඕලන්ද ලේඛකයන් විසින් කෙලෙසා තිබේ. මහා දුෂ්ටයෙක්, ආඥාදායකයෙක් ලෙස දෙවන රාජසිංහ රජු හැඳින්වීමට ඔවූහු පසුබට නොවූහ. නමුත් ඔහු රටවැසියන්ගේ සිත් තුළ ලැගුම් ගත්තේ නම් ‘රාසින් දෙවියන්’ ලෙසටය. පහතරට ජනතාව රජුට කෙතරම් ගරු කළා ද කිවහොත් ස්වකීය ගම්බිම් හැරදමා උඩරටට යෑමට තරම් ඔවුන් උත්සුක විය. එසේම රජු යුරෝපීයයන්ගේ ද සිත්ගත්තෙකි. රජු අල්ලාගත් ලන්දේසි සේනාව මුදාහැරියත් ඔවුන් රජු යටතේම සිටි බව සඳහන් වන අතර එයින් ද පෙනෙන්නේ රජුගේ ආචාරශීලී බවයි. ඒ අනුව ඕලන්ද ලේඛකයන්ට කොයිහැටි වෙතත් දෙවන රාජසිංහ චරිතය හද පතුලෙන්ම සිංහලයන් වූවන්ට නම් අද්විතීය වීර චරිතයක්ම බව නිසැකය.
ජි. මංජුලා උදය කුමාරි
හිටපු සහකාර කථිකාචාර්ය
කැලණිය විශ්වවිසාලය
ආචාරිනි – දිවුරුම්පිටිය සමන් විසාලය