Local

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Sunday, 10 November 2024 - 9:34 am

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව එම ශාකය කෝලියාස් හක්ගලෙන්සිස් අබේසේකර, කසුනිකා, හලුවන සහ නිලන්ක (Coleus Hakgalensis Abeysekara, Kasunika, Haluwana & Nilanka) යනුවෙන් නම් කිරීමට පියවර ගෙන ඇත.

2013 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්ය මණ්ඩලය විසින්ම විස්තර කරන ලද ශාක විශේෂයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ .

ඒ අනුව 2024 වසරේ දුෂ්කර මාර්ග ඔස්සේ උන්නතාංශ මීටර් 1900ත් 2100ත් අතර සිදුකරන ලද පර්යේෂණ වලදී මෙම නව ශාක විශේෂය සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමට හැකිව තිබේ.

මින්චි (Lamiaceae) ශාක කුලයට අයත් නව කෝලියාස් (Coleus) ශාක විශේෂයක් ලෙස මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට පර්යේෂණයේ නියැළුණු සුමේධා අබේසේකර, ඕවිටිමුල්ලගේ කසුනිකා, නිශාන්ති හළුවන සහ නඳුන් නිලංක යන පර්යේෂණ කණ්ඩායම සමත්ව තිබේ.

2024 වසරේ පෙබරවාරි මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරය විසින් ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හක්ගල ප්‍රදේශයේ උද්භිද විද්‍යාත්මක ගවේෂණයකදී මෙම නව සොයාගැනීම සිදු කිරීමට තමන්ට හැකියාව ලැබී ඇති බවත්, ජාතික ශාකාගාරයට වසර 200 ක් සම්පූර්ණ වන 2024 වසරේ මෙය අනාවරණය කර ගැනීමට හැකි වීම සුවිශේෂී සිදු වීමක් බවත් පර්යේෂණ කණ්ඩායම පවසයි.

මෙම නව සොයාගැනීම සම්බන්ධයෙන් ශාක වර්ගීකරණය විද්‍යාව පිළිබඳව ප්‍රධානතම අන්තර්ජාතික සඟරාවක් වන PHYTOTAXA සඟරාව විසින් ඉකුත් ඔක්තෝබර් මස 30 වැනිදා විද්‍යාත්මකව ප්‍රකාශනයට පත් කොට ඇත.


Top Stories
wedivistara

පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් තීරණයක්

wedivistara

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් Youth Club පිහිටුවීමේ වැඩසටහන හෙට ආරම්භ වෙයි

wedivistara

රඳවා තබා ගැනීමේ බද්දට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයින් ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

wedivistara

අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ලක්මාලි හේමචන්ද්‍රට

wedivistara

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයා නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

wedivistara

රාජ්‍ය ආයතනවල පිහිට වූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට විශේෂ වැඩපිළිවෙළක්

wedivistara

අල්ලස් කොමිසමේ චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

wedivistara

ලුණු හිඟයට හේතුව ජනතාව ලුණු පැකට් 10 ක් පමණ මිලදී ගැනීමයි - ලංකා ලුණු සමාගමේ සභාපති

wedivistara

රණවිරු සැමරුමට යන්නේ නෑ කියලා, විරෝධය හමුවේ යන්න තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නෙවෙයි - දයාසිරි

wedivistara

සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා TIN අංකය අනිවාර්යය කිරීමට පියවර


NEWS ALERT