Local

ඉන්දියන් සාගරයේ නිදහසත්, කලාපීය රටවල ස්වෛරීභාවයත් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ කැපවීම හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා අවධාරණය කරයි

Saturday, 27 July 2024 - 3:22 pm

ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ “Geopolitical Cartographer” විසින් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කරන ලද කතිකාවතකට එක්වෙමින් “ඕස්ට්‍රේලියාව සහ ඉන්දියන් සාගරය” යන මැයෙන් එහි ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දියන් සාගර කලාපයේ රටවල් තම ජාතික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ස්වෛරීභාවය පිළිබඳ ගැටලුවකට තුඩු දිය හැකි ආකාරයේ විධිවිධානයන්ගෙන් වැළකී සිටිය යුතු බවත් ස්කොට් මොරිසන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

භූ දේශපාලනික පීඩනයන් හමුවේ කුඩා සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීමේදී ඉන්දියන් සාගරයේ සහ ඕස්ට්‍රේලියාවේ කාර්යභාරය සතු උපායමාර්ගික වැදගත්කම පිළිබඳවද සිය දේශනයේදී ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අවධාරණය කළේය.

විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධාන බලවතුන් වෙතින් වැඩිවෙමින් තිබෙන බලපෑම් හමුවේ විවිධ රටවල් ඒවාට එරෙහි වෙමින් සිය රාජ්‍යයේ ස්වෛරීභාවය රැකගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔහු අවධාරණය කළේය. එසේම වත්මන් ලෝකයේ දේශපාලන විශ්වාසයන් හෝ මතවාදයන් වෙනස් කිරීමට වඩා දේශපාලන සිදුවීම් සහ තීරණ කෙරෙහි ආර්ථික සාධක වැඩි බලපෑමක් ඇති කරන බව ද ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ්-19 වසංගතය විසින් ලොව පුරා රටවල විශාල ආර්ථික කඩාවැටීමක් ඇති කළ බවත්, එම අර්බුදය අතරතුර ගත් අත්‍යවශ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස රටවල උද්ධමනය ඉහළ ගිය බවත් මොරිසන් මහතා සඳහන් කළේය. මෙම ක්‍රියාමාර්ග අවශ්‍ය වුවද එය පොලී අනුපාත ඉහළ යාම සහ ලොව පුරා ජීවන වියදම් ගැටලු නරක අතට හැරීමට හේතු වූ බව පෙන්වා දුන් ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා ගෝලීය වශයෙන් රටවල්වල ආරක්ෂාව වැඩිකිරීමේ අවශ්‍යතාවය මත ඉහළ යන ආරක්ෂක පිරිවැය මෙම උද්ධමන තත්ත්වය තවදුරටත් ඉහළ යාමට දායක වන ආකාරය පිළිබඳව ද පැහැදිලි කළේය.

විස්තීරණ මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉහළ පොලී අනුපාත ඇතුළත් මෙම නව ආර්ථික පරිසරය කළමනාකරණය කර ගැනීමේ දී රජයයන්ට සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන බව ද ස්කොට් මොරිසන් මහතා අවධාරණය කළේය. විවිධ රටවල රජයයන් සහ ව්‍යාපාර ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීමේදි භූ දේශපාලනික අවදානම් තේරුම් ගෙන ඒවා ද ඇතුළත් කළ යුතු බවද මොරිසන් මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව “Geopolitical Cartographer” සංවිධානයේ සම අනුශාසක මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා විසින් මෙහෙයවන ලද සාකච්ඡාවට ද ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා එක් විය.

භූ දේශපාලනික පරිසරය තුළ කුඩා රටවල් විවිධ අභියෝගවලට මුහුණ දෙන බව එහිදී සඳහන් කළ ස්කොට් මොරිසන් මහතා සිය ස්වෛරීභාවය පවත්වා ගනිමින් බාහිර බලපෑම්වලට එරෙහි වීම සඳහා මෙම රටවලට සහාය වීමට ඕස්ට්‍රේලියාව කැපවී සිටින බව කියා සිටියේය.

විශේෂයෙන්ම “ක්වාඩ්” සංවිධානයේ රාමුව තුළ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම සහ ඉන්දියන් සාගරය තුළ වැඩි වශයෙන් මානුෂීය, ආර්ථික සහ උපායමාර්ගික සහයෝගීතාවක අවශ්‍යතාවය ද එහිදී සාකච්ඡාවට ලක් විය.

ඉන්දියන් සාගර කලාපය තුළ චීනයේ බලපෑම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ජාතික අවශ්‍යතා හෝ ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පාරදෘශ්‍යභාවයෙන් යුතු ගිවිසුම්වලට එළැඹීමේ අවශ්‍යතාව ද ස්කොට් මොරිසන් මහතා අවධාරණය කළේය.

“ආකුස් (AUKUS)”, “බ්‍රික්ස් (BRICS)” සහ “ක්වාඩ් (Quad)” වැනි බහුපාර්ශ්වික සංසදවල බලපෑම පිළිබඳව හිටපු නායකයින් දෙදනාම මෙහිදී කරුණු ගෙනහැර දැක්වීය. මෙම සංසද සෑම විටම ඒකාබද්ධ පෙරමුණක් නියෝජනය නොකරන නමුත් පොදු අවශ්‍යතා මත සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වටිනා අවස්ථා ලබා සලසා දෙන බව ස්කොට් මොරිසන් මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ Geopolitical Cartographer සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රිෂාන් ද සිල්වා මහතා 1821 වර්ෂයෙන් පසුව කොල්ලුපිටිය තුරඟ තරග පිටියේ ප්‍රධාන පීඨිකාව ලෙසත් පසුව කොළඹ සමාජයේ සමාජ ශාලාව ලෙසත් පැවති වත්මන් ටාජ් සමුද්‍රා හෝටලයේ ක්‍රිස්ටල් ගොඩනැගිල්ලෙහි පවතින ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන්නේය. එය මෙරට ඉහළම තත්ත්වයේ උත්සව ශාලාවක් බවට පරිවර්තනය වූ ආකාරය ද ඒ මහතා පැහැදිලි කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන , හිටපු කථානායක කරු ජයසූරිය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලලිතා කපූර් ( Lalita Kapur), ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු ටර්ගට් (Semih Lütfü Turgut), ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතරෝ (Katsuki Kotaro), ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ධූත මණ්ඩල ප්‍රධානී ඩග්ලස් සොනෙක් (Douglas Sonnek), යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රේදාල් (Lars Bredal) ඇතුළු යුරෝපා සංගමයේ විදේශ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් රෙනේ එවර්සන්-වර්නි (René Everson-Va ey) යන මහත්ම මහත්මීන් ඇතුළු නවසීලන්තය, ඉතාලිය, ඉන්දියාව, කැනඩාව සහ චීනය ඇතුළු රටවල දූත මණ්ඩල නියෝජිතයින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකයන් ඇතුළු සිවිල් සමාජ හා චින්තන පර්ෂද සාමාජිකයින් සහ ව්‍යාපාරික ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT