Sports

රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට

Wednesday, 04 September 2024 - 5:03 pm

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතුකළ රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2025 වසර සඳහා ක්‍රීඩක වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතය.

එහිදී රඳවා ගතයුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඩ්‍රාවිඩ්, රෝයල්ස් හිමිකරුවන් සමග සාකච්ඡා කළ බව සඳහන් ය.

රෝයල්ස් කණ්ඩායම සමග ඩ්‍රාවිඩ් ට අතීතයේ ද සම්බන්ධතා තිබුණි. ඔහු 2012 සහ 2013 වසර වල රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

මේ අතර රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස 2021 වසරේ සිට කටයුතු කළ කුමාර් සංගක්කාර මින් ඉදිරියට වෙනත් ලීග් තරගාවලි සඳහා සහභාගී වන පාර්ල් රෝයල්ස්, (SA20) කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ බාබෙඩෝස් රෝයල්ස් කණ්ඩායම් හා සම්බන්ධව කටයුතු කිරීමට නියමිතය.


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT