Local

සූර්යය බලයෙන් ආගමික ස්ථාන සඳහා විදුලිය ලබාදීම කඩිනමින් ආරම්භ කෙරේ !

Saturday, 02 December 2023 - 8:58 am

මෙම වසර අවසන් වන විට ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය ලබ‍ා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී බිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසී ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේ ය.
 
මෙම ව්‍යාපෘතිය යටතේ බෞද්ධ විහාරස්ථාන සහ සියලුම ආගම්හි  ඉගැන්වීම් මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක වන ආයතන සඳහා ව්‍යාපෘතිය යටතේ සහන සැපයීම සිදුකල යුතු බවත්, බිමමත සවිකරනු ලබන (Ground Mounted) සුර්යය පැනල පද්ධතියක ඇති වැඩි වාසි සලකාබලා ඒ මඟින් උපයන විදුලිය, ජාතික පද්ධතියට ලබාදී ආගමික ස්ථානයන්හි  විදුලි පරිභෝජනය සඳහා යම් සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
 
ශ්‍රී පාදස්ථානයේ උඩමළුව හැරුණු කොට වන්දනාමාන කිරීමට පැමිණෙන මාවත සහ අනෙකුත් ස්ථාන සඳහා සුර්යය විදුලිබලය මඟින් විදුලිය ලබාදීමට ක්‍රමවේදයක් සකසන බවත්, කතරගම පුජාභූමිය වැනි පුජා ස්ථාන සඳහා ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ සහන සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
 
මෙම ඉන්දීය මුල්‍ය ප්‍රදාන ව්‍යාපෘතිය යටතේ ආගමික සිද්ධස්ථාන 2000ක් පමණ ආවරණය කිරීමට නියමිත ය.


මාධ්‍ය අංශය 
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
 


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT