Local

ආණ්ඩුවට දැන් මුදල් තියෙනවා" - ජනපති

Wednesday, 31 July 2024 - 10:40 pm

රජයට සතුව දැන් මුදල් ප්‍රමාණයක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවති උත්සවයට එක් වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා, 'බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය මෙන්ම යොවුන් සේනානාංක සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙනවා. අනෙක් සංවිධාන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙලෙස මුදල් වෙන් කිරිමට හැකියාව ලැබී තිබෙන්නේ ආණ්ඩුවට දැන් මුදල් ප්‍රමාණයක් තිබෙන නිසයි.මම මේ රට භාර ගනිද්දි ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. අපි දැන් අසීරු කාලය පසු කර තිබෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථාවලට මුදල් යොදවන එක අපි දැන් නතර කරලා තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනිමද නතර කර තිබෙනවා. අපිට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට යම් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එම මුදල් තරුණ පරපුර වෙනුවෙන් යෙදවීමට මම බලාපොරොත්තු වෙනවා.'


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT