යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද පවසනවා.
ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මීට අමතරව උතුරු පළාතෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වී තොග වී අලෙවි මණ්ඩලයට ලැබෙමින් පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ.
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් මිලදී ගැනීමට පසුගියදා රජය තීරණය කර තිබුණා.
ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06 ක් වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.