Local

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

Tuesday, 08 July 2025 - 5:31 pm

ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425 දෙනෙකු දායක වී සිටින අතර, ඉන් ගොවීන් 178,927 දෙනෙකු තැපැල් කාර්යාල මගින් මාසිකව විශ්‍රාම වැටුප් ලබාගන්නා බවයි සඳහන් වන්නේ.

2012, 2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට ඇතිවූ බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම තාවකාලිකව අත්හිටුවීම මත, ඊට දායක වී සිටින ගොවි ජනතාවගේ පසු වාරික අයකිරීමේ ක්‍රියාවලිය ද අඩාල වූ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරන ලෙස ගොවි ජනතාව කළ ඉල්ලීම්වලට අනුව, එම විශ්‍රාම වැටුප ලබාදීමේ දී තිබූ ගැටලුවලට විසඳුම් ලබාදී තිබෙන බවත්, මෙම මාසයේ සිට ගොවි ජනතාවට මාසිකව යළි ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT