Local

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

Tuesday, 08 July 2025 - 5:49 pm

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩු 28,000ක් පමණ ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (08) පාර්ලිමේන්තුවේදීයි.

එමෙන්ම 5,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණු බවත්, ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.

පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර මේ වනවිට ලැබෙනමින් පවතින බවත්, ඒ අනුව බඳවා ගැනීම් කිරීමට කටයුතු කරන බවත්, ඔහු පැවසුවා.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

''පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනවිට 28,000ක පමණ පුරප්පාඩු තියෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5,000ක පිරිසක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තියෙනවා. මේ වෙනකොටත් ගැසට් නිවේදන නිකුත් කර තියෙනවා උප පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීම සඳහා.

මේ වෙනකොට අයදුම්පත් ලැබෙමින් තියෙනවා. ඒ 5,000ක පිරිස අඛණ්ඩව බඳවා ගැනීමට කටයුතු කරනවා. දැනට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතිනවා. ඒ හිඟය කඩිනමින් කළමනාකරණය කරගැනීම සඳහා මෙම බඳවා ගැනීම් උපයෝගී කරගන්නවා. ඒ වගේම ඔවුන්ගේ ගුණාත්මකභාවය වැඩි කරලා මේ ඉන්න නිලධාරීන්ගේ ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සුභසාධන කටයුතු ශක්තිමත් කරලා තියෙනවා. මේ ආකාරයට මේ තියෙන පවතින හිඟය කළමනාකරණය කරගන්න අපි කටයුතු කරමින් ඉන්නවා.''


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT