Local

ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

Thursday, 23 January 2025 - 6:07 pm

ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ඊයේ (22) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාව සඳහා පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් සහභාගි වී තිබෙනවා.

පොලීසියේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදු කිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා ප්‍රසිද්ධ රැලියකදී චෝදනාවක් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් සහ පොලිස් කොමිසමේ වත්මන් වැඩ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතලවලට අනුව, නීත්‍යානුකූලව තමන් විසින් සිය රාජකාරී කටයුතු සිදුකරන බව ජාතික පොලිස් කොමිසම මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

 


Top Stories
wedivistara

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

wedivistara

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

wedivistara

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

wedivistara

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

wedivistara

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

wedivistara

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT