සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් චන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.
සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවත්, එහි තනතුරු වලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත්, එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන බවයි සඳහන් වන්නේ