Local

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

Thursday, 03 July 2025 - 11:59 am

නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා මහාධිකරණය හමුවේ විභාග කළ හැකි බවයි.

එමෙන්ම එම අධි චෝදනා ඉදිරිපත් කිරීමේදී කාර්ය පටිපාටියේ දෝෂයක් සිදුවී නොමැති බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර ඇති අතර, ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 05 වැනිදා විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි යන චෝදනාව මත නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT