International

බංග්ලාදේශ හිටපු අගමැතිනි හසීනාට මාස 06ක සිර දඬුවමක්

Thursday, 03 July 2025 - 12:06 pm

අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංගලාදේශයේ ඇති වූ දැඩි විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වැනිදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඩකාහි ඇති ඇගේ නිවස ද අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට රට හැර පලා ගියාය.

ඉන් පසුව ඇයට එරෙහිව නඩුවකට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය වේ.

හසීනාට එරෙහිව නඩු 155 ක් ගොනුකර ඇති අතර එයින් මිනීමැරුම් නඩු 136 ක්, මිනීමැරීමට තැත් කිරීමේ නඩු 8 ක්, පැහැරගැනීමේ නඩු 3 ක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර නඩු 7 ක් ඇයට එරෙහිව ගොනු කර ඇති බව වාර්තා වේ.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT