Local

ආර්ථිකය ආණ්ඩුවේ ග‍්‍රහණයෙන් ගිලිහිලා.. IMF සමග ඉදිරි ගමන අමාරුයි..

Wednesday, 30 October 2024 - 7:45 pm

ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට ලේකම් කෙනෙක් දාන්නවත් කෙනෙක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

උඩුදුම්බර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදි.

“ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට ලේකම් කෙනෙක් දාන්නවත් කෙනෙක් නැති තත්වයක් තියෙන්නේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්‍, මහ බැංකුවේ අධිපතිවරයා යන දෙදෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කළ දෙදෙනෙක්.

මේ අය පහුගිය කාලේ ජනාධිපතිවරණ වේදිකා වල කිව්වේ මනෝ ලෝක කතා.

විජිත හේරත් අමාත්‍යවරයා කියනවා අතුරු සම්මත ගිණුමකට යනවා කියලා. ආණ්ඩුව කළ යුත්තේ 21 වැනිදා පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් අනතුරුව නව අය වැය ලේඛනයක් සම්මත කරගැනීමයි.

එසේත් නැතිනම් IMF සමඟ සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවයන් ඇති වේවි.

ආර්ථිකය ගැන පහුගිය කාලේ වේදිකා වල එක එක කතා කිව්වට දැන් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කරද්දි සරුංගලේ නූල කැඩෙනවා වගේ ආණ්ඩුවට තමන්ගේ ග්‍රහණයෙන් ආර්ථිකය ගිලිහිලයි තියෙන්නේ.

ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාට මුහුදෙන් පලා යන්න සිද්ධ වුනේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසයි.

මේ අයටත් ගෝඨාභය ආදර්ශයට මුහුණ දෙන්නයි වෙන්නේ.

අපි ආණ්ඩුවට කියනවා ආර්ථිකය ගැන අවශ්‍ය තීන්දු අවශ්‍ය තැනදි ගන්න කටයුතු කරන්න කියලා”


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT