Local

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

Monday, 14 July 2025 - 7:40 pm

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (14) දිනයෙන් පසුව දඩ අයකර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත්, දඩ ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබෙන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

පසුගිය ජුනි 30 වන දින වන විට වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ට එම ප්‍රකාශ ලබාදීම සඳහා තවත් සති 02 ක සහන කාලයක් හිමි වූ අතර, අදාළ සහන කාලය අද දිනයෙන් අවසන් වන බවත්, එම කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් නිලධාරීන්ට අවවාද ලිපි නිකුත් කරනු ලබන බවයි එම කොමිසම සඳහන් කළේ.

මේ වනවිටත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුව ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට යොමු කළ යුතු බවත්, නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව එම නිලධාරීන්ගෙන් දඩ අය කර ගැනීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT