Local

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

Monday, 14 July 2025 - 7:32 pm

Verité Research ආයතනය විසින් පවත්වාගෙන යන Manthri.lk වෙබ් අඩවිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට 'Anura Meter' නමින් මාර්ගගත මෙවලමක් හඳුන්වා දී තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනය, දූෂණ විරෝධී, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මහජන උනන්දුවක් දක්වන සහ වැදගත් යැයි සැලකෙන යෝජනා කෙරෙහි අවධානය යොමු කරමින්, ප්‍රධාන කාරණා 22 ක් යටතේ මෙය නිර්මාණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, රජය හෝ වෙනත් අදාළ මූලාශ්‍ර වෙතින් manthri.lk වෙත තොරතුරු ලැබෙන අවස්ථාවන්හිදී මෙම පොරොන්දුවල ප්‍රගතිය යාවත්කාලීන කරනු ලබන බව එහි සඳහන්.

ඒ අනුව, ජුලි 08 වැනිදා වනවිට ලැබී ඇති දත්ත අනුව, එම පොරොන්දු වලින් 5% ක් ඉටුකර ඇති බවත්, 36% ක් අර්ධ වශයෙන් ඉටුකර ඇති බවත්, 14% ක් ආරම්භ කර ඇති බවත්, 45% ක් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වෙබ් අඩවිය සඳහා මෙතැනින් පිවිසෙන්න.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT