Local

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

Monday, 14 July 2025 - 7:38 pm

මහපොළ අරමුදලට අයත් වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පුර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව පැහැදිළි වන බවත්, නැවත එය මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට නෛතික පියවර ගන්නා ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE කමිටුව) විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන අයට නි‍ර්දේශ කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2015 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ඇති කරගත් ගිවිසුමකට අනුව, එවකට සිටි අමාත්‍යවරයාගේ අනුදැනුම මත එම වත්කම පවරාගත් ආකාරය නීති විරෝධි බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 408ක මුදලක් SLIIT ආයතනය විසින් මහපොළ අරමුදලට ගෙවා ඇති බවත්, අරමුදලටම අයත් ආයතනයක් විසින් අරමුදලට මෙම මුදල ගෙවා අයිතිය ලබා ගැනීම ගැටලු සහගත බවත් සාමාජික මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 

news images news images news images
 
 


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT