Sports

තරගය මැද සිදුවූ දේට චන්දිමාල් සමාව ඉල්ලයි

Friday, 27 September 2024 - 9:06 am

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (26) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න දුවද්දි දැවියාම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් අදහස් පළ කළේය.

තරගයේ පළමු දිනයේ නිමාවෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් දිමුත් කරුණාරත්නගෙන් සමාව අයැද සිටි බවය.

'මම ආපු ගමන් එයාට (දිමුත්ට) සොරි කිව්වා. එයාට කකුලේ ආබාධයක් ආවා අවාසනාවන්ත විදිහට. ඒ වෙලාවේ ඔහු මට කිව්වා චන්දි පුළුවන් ලකුණ විතරක් ගමු, හදිසි ලකුණුවලට යන්න ඕන නැහැ කියලා. ඒ ලකුණ මං හිතන්නේ හදිසි ලකුණක්. මම මානසිකව ලෑස්තිවෙලා හිටියේ නැහැ ඒ ලකුණ ගන්න. මොකද දිමුත් කිව්වා ඒ වෙලාවේ එයාට කකුලේ ආබාධයක්, මට වෙලාව දෙන්න ඒක හදාගන්න කියලා. ඒක තමයි එතන සිදුවුණේ. නමුත් මගේ වැරැද්ද. මං ඒ වරද පිළිගන්නවා '.

පළමු දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 306කි.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක් ලබා සිටි අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51කි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වු දිනේෂ් චන්දිමාල් සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 116ක් ලබාගැනීමට සමත්වුණි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT