Entertainment

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් පළමු වරට සොයා ගැනේ

Tuesday, 30 July 2024 - 10:42 am

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් නැතහොත් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙම ගුහාව මීටර් 100 ක් පමණ ගැඹුරු බවට වාර්තා පළ වී ඇති අතර එය සොයා ගැනීම වැදගත් වන්නේ අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරවීමේදී සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ගුහාව යොදා ගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාසය පළ වී ඇත්තේ.

එයට අමතරව සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන මෙවැනි තවත් ලෙන් සිය ගණනක් තිබීමට ඉඩ ඇති බවට ඔවුන් සැක පළ කරන අතර සොයා නොගත් මෙම ලෙන් තුළ ද ජනාවාස ඉදිකිරීමෙන්, සඳේ පදිංචියට යන පිරිස විකිරණවලින් සහ අයහපත් අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඉතාලියේ ටේ‍රන්ටා් විශ්ව විද්‍යාලයේ ලොරෙන්සා් බෲසෝන් සහ ලියනාඩෝ කාරර් යන විද්‍යාඥයන් විසින් සඳෙහි මෙම ලෙන සොයාගෙන ඇත්තේ රේඩාර් තාක්ෂණයෙන්.

ඒ අනුව එය ආධාරයෙන් සඳ සිතියම්ගත කිරීම සිදු කර ඇති අතර මෙම ලෙන නම් කර ඇත්තේ ‘මාරේ ට්‍රැන්ක්විලටිස්’ යන නමින් බව සඳහන්.

චන්ද්‍ර පාෂාණවලින් සමන්විත ස්ථානයක මෙම ලෙන ඇති බවට පැවසෙනවා.

1969 වසරේ දී ‘ඇපලෝ 11’ චන්ද්‍ර යානය නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩී්‍රන් සමඟ ගොඩබෑවේ ද මෙම ලෙන ඇති ස්ථානයට ආසන්නයෙන් බව සඳහන්.

අවුරුදු මිලියන හෝ බිලියන ගණනකට පෙර මෙය ලාවා කුහරයක් ලෙස පවතින්නට ඇති බවට සැක පළ කෙරෙන අතර සඳ අභ්‍යන්තරයෙන් ඉහළට නැගුණු ලාවා ගලා ආ උමඟකින් මෙම ලෙන නිර්මාණය වී ඇති බවට විශ්වාසය පළ කෙරෙනවා.

ඉතාලි විද්‍යාඥයන් විසින් සඳෙහි ඇති මෙම ලෙන සොයා ගැනීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් ද ඒ ගැන උනන්දුවක් දක්වා ඇති මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ ‘ආටිමීස්’ මෙහෙයුම යටතේ යළි සඳට ගගනගාමීන් යැවීමටත්, පසුව සඳ මත ජනාවාස පිහිටුවා ඒවායේ මිනිසුන් පදිංචි කිරීමටත් පිඹුරුපත් සකස් කරමින් සිටින බව සඳහන්.

පළමු වරට ගැහැනියක සඳට යැවීමට නාසා ආයතනය සූදානම් වන්නේ ද මෙම ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව යටතේ යි.

ඉතාලි විද්‍යාඥයන්ට හමුවුණු ‘චන්ද්‍ර ලෙන’ තුළ ත්‍රිමාණ තාක්ෂණයෙන් ඉදිරියේදී ඉදිකිරීම් සිදු කරනු ඇති අතර සූර්ය පැනල යොදා ගනිමින් සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීමද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සුප්‍රසිද්ධ ‘ප්‍රාඩා’ ඇගලුම් නිර්මාණකරුවන් සඳේ පදිංචියට යන ගගනගාමීන් වෙනුවෙන් ඇඳුම් කට්ටල නිර්මාණය කරදීමට සූදානම්ව සිටින අතර එම ගගනගාමීන්ට සඳේ එහෙ මෙහෙ යෑම සඳහා ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගම කුඩා ප්‍රමාණයේ වාහන නිර්මාණය කර දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

wedivistara

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

wedivistara

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

wedivistara

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

wedivistara

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

wedivistara

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT