Local

දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි

Monday, 20 November 2023 - 6:25 pm

  • ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් – ජනපති.
දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ආර්ථිකය ආසියාව දෙසට විතැන්වීම පිළිබඳව ද අවධාරණය කළේය.
 
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති YPO Colombo Experience: Rediscover the Pearl සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
 
දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම මෙහිදී ඉදිරිපත් කළ ජනාධිපතිවරයා කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද යෝජනා කළේය.
මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ තමා අතර ඊයේ (17) පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරිම වෙනුවෙන් සමීප සහයෝගිතාවයකින් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වූ බවද පැවසීය.
 
එසේම ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගකාරී සහ ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් මෙන්ම බලශක්ති පරිවර්තනයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස පෙන්වා දුන්නේය.
 
ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ වන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වීය.
 
ඒ අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස අක්කර මිලියන 02ක පමණ භූමි ප්‍රමාණයක්, එම ඉඩම් හිමි ගොවීන් සඳහා සින්නකරව ලබාදීමට රජය තීරණය කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
එසේම මහා පරිමාණ නවීන කෘෂිකාර්මික ව්‍යවසායන් ඇති කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
 
කෘත්‍රිම බුද්ධිය (AI) වෙත ප්‍රවේශවීම ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය මේ වන විටත් අරමුදල් වෙන් කර ඇති බවද මෙම අවස්ථාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් තමිල්නාඩුවේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇති විය හැකි කාර්මීකරණය පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දැක්වීය.
 
එමෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය සහ නැගෙනහිර හා බටහිර අප්‍රිකානු කලාපයේ රටවල ඇති නව ආයෝජන අවස්ථාවන් ගවේෂණය කරමින් එම රටවල ද ආයෝජනය සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
 
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් ඒකාබද්ධව කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදී යෝජනා කළ ජනාධිපතිවරයා ඒ සඳහා නේපාලය ද එක් කර ගත හැකි බව සඳහන් කළේය.
 
එසේම බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සංචාරක කලාපයක් ඇති කිරීමේ සැලසුම් පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය කැරිබියන් දූපත් වලට වඩා විශාල විකල්පයක් වනු ඇති බව ද සඳහන් කළේය.
 
කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට අයදුම් කර ඇති බවත්, ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ඇතුළුව දැනට ශ්‍රී ලංකා ව සිදු කරමින් සිටින වෙළෙඳ සාකච්ඡා හා නව ගිවිසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ව්‍යවසායකයින් දැනුවත් කළේය.
 
කලාපය තුළ පවතින ආර්ථික හැකියාවන් පිළිබඳව සුබවාදීව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අපේක්ෂා කරන කලාපීය ආර්ථික වර්ධනය ඇති කර ගැනිම සඳහා සක්‍රීයව දායක වන ලෙස ද තරුණ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය.
 
YPO කලාපීය සාමාජිකත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT