Local

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා රජයට විරෝධය

Thursday, 01 August 2024 - 9:43 pm

මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත විරෝධය පළ කර ඇත.

ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනුයේ මෙම ධීවර ගැටළුව සම්බන්ධයෙන් මානුෂීය ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉන්දීය රජය සෑම අවස්ථාවක දීම අවධාරණය කර ඇති බවය.

ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය ඉහළම ප්‍රමුඛතාවක් ලබාදෙන අතර රටවල් දෙකම මෙම ගැටළුව සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කර මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් ඔවුන් පෙන්වාදී ඇත.

උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT