Business

අන්තර්-විශ්වවිද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරගාවලියට යූනියන් ඇෂුවරන්ස් අනුග්‍රහය

Saturday, 13 April 2024 - 10:13 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සිය ප්‍රථම අන්තර්-විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සාර්ථකව නිම කළ බව සාඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ අනාගත ශ්‍රම බළකායේ බුද්ධිමය දායකත්වය සහ විශිෂ්ට කුසලතා සැමරීමේ අරමුණින් පැවැත්වූ, මෙම තරගාවලියට දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවලින් විශාල සහභාගිත්වයක් සහ උද්යෝගයක් ලැබී තිබිණි.

මෙම අන්තර්-විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය, ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ ප්‍රජාවේ මනැස දියුණු කිරීම සහ සවිබල ගැන්වීම සඳහා සක්‍රීයව දායක වීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ඇති කැපවීම පිළිබඳ සාක්ෂියකි. එය, තරුණ කුසලතා පෝෂණය කිරීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ සමාජයේ තිරසර ප්‍රගතියට දායක වීම ඉලක්ක කර

ගත් සමාගමේ උපාය මාර්ගික සැලැස්මේ ප්‍රධාන කුළුණක් මූර්තිමත් කරයි.

මෙවර තරගාවලිය සඳහා ආකර්ෂණීය සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර, රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 18ක් නියෝජනය කරමින් කණ්ඩායම් 76ක් වෙනුවෙන් තරගකරුවන් 380 දෙනෙක් ශූරතාව සඳහා තරග වැදුණහ. මූලික වටයේ පැවති ප්‍රබල තරගකාරීත්වයකින් පසුව, කොළඹ පිහිටි යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවති අර්ධ අවසන් තරග වටය සඳහා කණ්ඩායම් 10ක් තෝරා ගැනිණි. මෙම අර්ධ

අවසන් වටයේදී අවසන් මහා තරගයට සහභාගි වීම සඳහා කණ්ඩායම් 4ක් ජයග්‍රහණය කළේය.

2024 මාර්තු 9 වන දින ගලදාරි හෝටලයේ Grand Ballroom ශාලාවේ පැවති අවසන් මහා තරගය දැනුමේ සහ සාමූහිකත්වයේ විස්මයජනක සංදර්ශනයක් විය. උද්වේගකර බුද්ධිමය ගැටුමකින් පසුව, පළමු අන්තර්-විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ශූරයන් බවට පත්වීමට කැලණිය විශ්වවිද්‍යාලයේ Mavericks කණ්ඩායම සමත් විය.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ Mind Masters කණ්ඩායම දෙවන ස්ථානය හිමි කර ගත් අතර, ICBT අධ්‍යාපන ආයතනයේ ICBT කණ්ඩායම තුන් වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT