Local

අධිකරණ ඇමති ‘අධිකරණ පියසේ’ නිරීක්ෂණ චාරිකාවක

Friday, 16 August 2024 - 11:23 am

අධිකරණ අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි අනෙකුත් අධිකරණයන් පිහිටුවීම සඳහා ඉදිකරමින් පවතින අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා ඊයේ පස්වරුවේ එක්විය.

දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල මහල් 15කින් සමන්විත වන අතර මහල් 06ක වැඩ කටයුතු නිමවෙමින් පවතී. 2021 ජනවාරි මස 25 වන දින මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම සිදු විය. එහි සම්පූර්ණ වැඩ කටයුතු 2023 වර්ෂයේ අවසන් කිරීමට සැලසුම් කලද ආර්ථීක අර්බුදය හමුවේ ඉදිකිරීම් සිදු කිරීම මන්දගාමීව සිදු විය. මෙම අධිකරණ සංකීර්ණයේ පලමු අදියර 2024 වසරේ නිම කිරීමට සැලසුම් කර ඇත.

නිරීක්ෂණ චාරිකාව සඳහා එක්වෙමින් ගරු අමාත්‍යතුමා සඳහන් කලේ අධිකරණවල පවතින තදබදය අවම කර නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් ඉදිවන මෙම ගොඩනැගිල්ල නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ගොඩනැගිලක් බැවින් මෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කඩිනමින් වැඩ කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

කොළඹ නීතිඥ සංගමයේ ලේකම්, නීතිඥ, නවීන් ශානක මහතා, අධිකරණ අමාත්‍යාංශයේ සහ මෙම ගොඩනැගිලි සංකීර්යෙහි වැඩ කටයුතු සඳහා උපදෙස් සහ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාව සඳහා එක්විය.


Top Stories
wedivistara

මැල්කම් කාදි­නල් රංජිත් හිමි උප­හාර උලෙළ ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි

wedivistara

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි 15 වැනිදාට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා - විභාග දෙපාර්තමේන්තුව

wedivistara

පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට

wedivistara

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT