Entertainment

බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

Monday, 15 April 2024 - 12:16 pm

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අලුයම 5.00ට පමණ සල්මාන් ඛාන් වාසය කරන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී අවම වශයෙන් වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල වී ඇතැයි ස‍ඳහන්වේ.

ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සහ අපරාධ අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. සිද්ධිය විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයන් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ තිබුණි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ද සල්මන් ඛාන්ට තර්ජනය කරමින් ඔහුගේ කාර්යාලයට ඊමේල් පණිවිඩයක් ලැබී තිබිණි.

අනතුරුව මුම්බායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවක් ලෙස හඳුනා ගැනුණු ලෝරන්ස් බිෂ්නෝයි සහ ගෝල්ඩි බ්‍රාර්ට යන පුද්ගලයන්ට එරෙහිව පියවර ගෙන තිබිණි.


Top Stories
wedivistara

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

wedivistara

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

wedivistara

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

wedivistara

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

wedivistara

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

wedivistara

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT