Entertainment

Pure Gold by Tiesh සමඟ ස්ටෙෆනි සිරිවර්ධන එක්වෙයි

Sunday, 03 March 2024 - 8:31 am

සුවිශේෂී ශිල්පීයත්වය සහ සදාකාලික මෝස්තර සඳහා කීර්තිමත් ස්වර්ණාභරණ සන්නාමයක් වන Pure Gold by Tiesh ස්වර්ණාභරණ සමාගම විසින් සිය සන්නාම තානාපතිනිය ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට පත් කීර්තිමත් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්ගේ දක්ෂතා දක්වන ප්‍රවීණ කලා ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන සාඩම්බරයෙන් යුතුව පත් කෙරේ.

කැරට් 18 සහ කැරට් 22 රන් ආභරණ සඳහා කිර්තීමත් නාමයක් දිනා සිටින Pure Gold by Tiesh සිය විශිෂ්ට නිර්මාණාත්මක කෞශල්‍ය සහ මෝස්තර සඳහා සුවිශේෂි බවක් දක්වයි. මෙම සන්නාමය විසින් ඉතා අලංකාරවත් මෙන්ම පෞද්ගලිකත්වය විදහා දක්වන සිත් ඇදගන්නාසුලු කරාබු, මාල, වළලු සහ මුදු නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කරන අතර මෙම නිෂ්පාදන රෝස රත්තරන්, සුදු රත්තරන් සහ කහ රත්තරන් යන වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

සිය ස්වභාවික රූ සපුව සහ ලාලිත්‍යය තුළින් ලොව පුරා ප්‍රශංසාවට හා ජන හදවත් දිනාගත් ස්ටෙෆනි සිරිවර්ධන විසින් සන්නාම තානාපතිනිය ලෙස තමන් පත්කිරීම පිළිබඳව සිය සතුට පළ කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

“Pure Gold by Tiesh හි සන්නාම තානාපතිනිය ලෙස පත් වීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින්ම සතුටට හා ගෞරවයට පත් වෙනවා. ටීයේෂ් සන්නාමය සමඟ මගේ සම්බන්ධයට දිගු අතීතයක් තියෙනවා. මම වසර ගණනාවක් පුරාවට එහි විශ්වාසවන්ත පාරිභෝගිකයෙක්. ටීයේෂ්හි ගුණාත්මකභාවය සැමවිටම මා ආදරය කරන සහ අගය කරන දෙයක්. සෑම ස්වර්ණාභරණයක්ම පරිපූර්ණ කිරීමට ඔවුන් දක්වන උත්සාහය සහ කැපවීම මම බෙහෙවින් අගය කරනවා.”

Pure Gold by Tiesh සිය නවීන නිර්මාණාත්මක කුසලතා සමඟ සාම්ප්‍රදායික ශිල්ප සම්මිශ්‍රණය කරමින්, නව යුගයේ කාන්තාවන්ගේ රුචිකත්වයන් සපුරාලීම කැපී පෙනේ. Pure Gold by Tiesh අනෙකුත් නිෂ්පාදනවලින් වෙනස් වන්නේ එහි බහුකාර්යතාව සඳහා වූ කැපවීම හේතුවෙන් වන අතර සෑම ආභරණයක්ම විවිධ අන්දමින් පැලඳීමට එමඟින් ඉඩ සලසා තිබීමයි. සම්ප්‍රදායික උඩරට මනාලිය, හින්දු මනාලිය හා මුස්ලිම් මනාලිය ඇතුළුව සැමට ඉහළ නිෂ්පාදනයන් පිරිනමමින්, සන්නාමය සාඩම්බරයෙන් යුතුව විවිධ සංස්කෘතීන් සහ ජනවර්ගයන් සඳහා සිය නිෂ්පාදන සපයනු ලබයි.


Top Stories
wedivistara

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

wedivistara

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

wedivistara

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

wedivistara

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

wedivistara

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

wedivistara

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT