Local

රනිල්ට එරෙහිව දෝෂාභියෝගයක් ??

Thursday, 29 August 2024 - 5:39 pm

පවතින දේශපාලන සංස්කෘතිය තුළ ක්‍රියා කරන රජයේ නිලධාරීන් අතිශයින්ම පරිස්සම් විය යුතු බව අධිකරණය විසින්ම පසුගිය සතියේ පෙන්වා දී ඇති බැවින් ජනාධිපතිවරයාගේ හැසිරීම වුවත්, ජනාධිපතිගේ වුවත් ව්‍යවස්ථාවට පටහැනි නියෝග පිළිනොපැදිය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධව අධිකරණය දුන් එකී තීන්දුව ප්‍රබලම තීන්දුවක් බව පෙන්වා දෙමින් ඇය සඳහන් කළාය. ජනාධිපතිවරණයක් අත ළඟ නොතිබුණා නම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහිව ‍ෙදා්ෂාභියෝගයක් ගෙන එන්න තරම් පසුගියදා අධිකරණය දුන් තීන්දුව ප්‍රබල හේතුවක් වන බවද අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නාය.

ඇය මේ බව පැවැසුවේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත්‍රිවරිය මෙසේද පැවැසුවාය.

“ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම පිළිබඳව පසුගියදා නඩු තීන්දුවෙන් ශක්තිමත් සහතිකයක් දී තිබෙනවා. එය ඉදිරි අනාගතයටත්, දේශපාලනයටත් අතිශයින්ම වැදගත්. අධිකරණය විසින් සනාථ කරන අන්දමට ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන ජනතාවගේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට තිබෙන අයිතිය ජනාධිපතිගේ මැදිහත් වීමෙන් කඩකර ඇති බව පෙන්නුම් කර තිබෙනවා. දේශපාලන හේතු මත ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් අත්හැර දමා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කර තිබීම නිසා මෙය අතිශයින් වැදගත් නඩු තීන්දුවක්. පවතින දේශපාලන සංස්කෘතිය තුළ ක්‍රියා කරන රජයේ නිලධාරීන් අතිශයින්ම පරිස්සම් විය යුතු බව මේ නඩු තීන්දුවෙන් තහවුරු වෙනවා. ජනාධිපතිගේ හැසිරීම වුවත්, ජනාධිපතිගේ වුවත් ව්‍යවස්ථාවට පටහැනි නියෝග පිළිනොපැදිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිගේ නියෝග අනුව මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇති ආකාරය වැරැදි බව තීන්දුවෙන් සනාථ කර තිබෙනවා. ඒ නිසා නිලධාරීන්ටත් ඉතාමත් තද පණිවුඩයක් ගරු අධිකරණය විසින් ලබාදී තිබෙනවා. ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන්න ආර්ථික අර්බුදය ඉස්මතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව මෙම තීන්දුවෙන් පැහැදිලි කර තිබෙනවා.

කෙතරම් අසීරු තත්ත්වයක් තුළ වුවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ආණ්ඩුවක් බැඳී සිටින බව තහවුරු කර තිබෙනවා. ඒ වාගේම ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ ජනතාව නොවන බවත්, ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ කළමනාකරණ දුර්වලතා නිසා බවත් එම තීන්දුවෙන් තහවුරු කර තිබෙනවා. ජනතාවගේ ඡන්ද අයිතිය සීමා කරන්න ආණ්ඩුවකට හෝ ජනාධිපතිට හෝ නොහැකි බව පැහැදිලිව දක්වා තිබෙනවා. අවසාන වශයෙන් අපට කියන්න තිබෙන්නේ ජනාධිපති ධුරය දරන්න රනිල් වික්‍රමසිංහ නුසුදුසු බව නැවත වරක් තහවුරු කර ඇති බවයි.”


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT