Local

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Friday, 22 November 2024 - 8:10 pm

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි 02 ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව 2024 වසරේ පාසල් තෙවන වාරය ජනවාරි 17 වැනිදා අවසන් වීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා (25) ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එය දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග මධ්‍යස්ථාන 2312 කදි එය පැවැත්වෙයි.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක් ද ඒ වෙනුවෙන් ස්ථාපිත කර තිබේ.

මෙවර විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79795 ක් ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT