Local

ගාල් කළ වාහන නැවත එම ආයතනවලටම භාරදෙයි

Tuesday, 01 October 2024 - 9:22 pm

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදී සිදු කෙරුණි.

ඒ අනුව අද (01) වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද දිනම රැගෙන ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම සිදු විය. 

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වී තිබේ.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT