පාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සංචාරක කටයුතු පනත යටතේ නියමයන් පහක් සහ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඇති නියෝග කිහිපයක් අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.