Local

මත්පැන් බලපත්‍ර අයැදුම් කළ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල වාර්තාව කඩිනමින් මැතිසබයට – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

Wednesday, 15 May 2024 - 8:32 am

මත්පැන් බලපත්‍ර අයැදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුන් කී දෙනෙකු ඉතිරිවේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය. මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිදු වැඩපිළිවෙළක් සකසා නැති බවත්, විපක්ෂ නායකවරයා පවසන අන්දමට මත්පැන් බලපත්‍ර අයැදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුන් කී දෙනෙකු ඉතිරි වන්නේදැයි කිව නොහැකි බවත් රංජිත් සියඹලාපිටිය කීය.

විපක්ෂ නායකවරයා නඟන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සියඹලාපිටිය මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

අවසන් වරට මීට වසර 16කට පෙර එනම් 2008 වසරේදී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබුණ ද ඉන් වසර 16කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා ගණනය කළයුතු බවත්, එසේම නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මේ නව ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් පැහැදිලි කළේය.

නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට ද රජය කිසි විටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම හා නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මගින් මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එය පාලනය කරන බවත් රජයට අවශ්‍ය නීතිවිරෝධී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පමණක් බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයැදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT