පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස් වීමේ ලිපි භාර දී තිබේ. වෙළෙඳ හා වාණිජ ඇමැති නලින් ප්රනාන්දු විසින් සිදු කළ දැනුම් දීමකට අනුව මේ ඉල්ලා අස් වීමේ ලිපි භාර දී ඇතැයි එහි ප්රකාශකයෙක් දිනමිණට පැවසීය.
නව අධ්යක්ෂ මණ්ඩලය පත් කිරීම ඉදිරි දිනවල සිදු කෙරෙනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.