Business

දින 07ක දී රු. කෝටි 27,637ක් කොටස් වෙළෙඳපොළෙන් සේදී යයි

Monday, 02 September 2024 - 7:19 pm

පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය අගොස්තු 30 වන දින ඒකක 10,869.07 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද (02) දිනය තුළ ඒකක 149.57 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 10,719.50 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර අද දිනයේ දී S&P SL20 දර්ශකය ද ඒකක 51.67 ක පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 3,006.93 ක් ලෙසින් සටහන් වී තිබුණි.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 615.75 ක් ලෙසින් සටහන් විය.

මෙලෙස කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය 11 වෙනි දිනය අදයි. මෙම දින 11 තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 811.81කින් හෙවත් 7% කින් පහළ ගොස් ඇත.

කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයේ දී පසුගිය ගනුදෙනු දින 7 ක කාලපරිච්ඡේදය තුළ දී ඒකක 100 ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අවස්ථා 4ක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.

එසේම පසුගිය දින 7ක කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 276.37 කින් පහළ ගොස් තිබීම ද තවත් සුවිශේෂී කාරණයකි.

පසුගිය අගෝස්තු 22 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 4,531,140,100,074 ක් ලෙසින් සටහන් වූ අතර එම වටිනාකම අද (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 4,254,761,839,833 ක් දක්වා රු. 276,378,260,241 කින් අඩු වී තිබේ.

සරල ලෙස ගතහොත් පසුගිය ගනුදෙනු දින 07 තුළ දී රු. කෝටි 27,638 කින් කොටස් වෙළෙඳපොළේ වටිනාකම පහළ ගොස් ඇත.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.

english
tamil
fm-derana
tv-derana
 
දින 07ක දී රු. කෝටි 27,637ක් කොටස් වෙළෙඳපොළෙන් සේදී යයි

September, 2, 2024

පසුගිය ගනුදෙනු දින 11ක කාලවකවානුව තුළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය අයුරු පහත දෛනික සටහන් මගින් දැක්වේ.

Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්

NEWS ALERT