Local

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

Sunday, 05 May 2024 - 7:58 am

ඇතැමුන් වීජ ගණිතමයව 3% ක් එකවර 51% ක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින නමුත්, දේශපාලනය යනු වීජ ගණිතය නොව සමාජ විද්‍යාවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලනය යනු වීජ ගණිතය නම් ලක්ෂ 69ක් ඡන්ද ලබාගත් ගෝඨාභය රාජපක්ෂ තවමත් ජනාධිපති විය යුතු නමුත් ඔහු අද ගෙදර බවද, පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බලයක් ලබා සිටි මහින්ද රාජපක්ෂ තවමත් අගමැති විය යුතු නමුත් ඔහු අද සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවද ඔහු පෙන්වා දෙනවා.

දේශපාලනය වෙනස් වන්නේ අනුක්‍රමික පිළිවෙළට නොව, පිමි ලෙස බවද, දේශපාලනයේ එක්තරා මුහුපුරා ගිය අවස්ථාවක් පැමිණි පසු දේශපාලනය පිම්මක් පනින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අද වන විට ජාතික ජන බලවේගය සැදී පැහැදී සිටින්නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්නට සහ ඒ හරහා බලය ලබාගැනීමට බවද, සෑම සමීක්ෂණයකින්ම මේ වන විට ජාතික ජන බලවේගය ඉහළින් සිටින බව​ පෙන්නුම් කරන බවද ඔහු අවධාරණය කරනවා.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT