Local

රණවිරුවන් රැකගන්න ජාතික සංවිධාන 65ක් දිලිත් සමග ගිවිසුමකට

Thursday, 29 August 2024 - 9:18 pm

සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා වන එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන 65ක නියෝජිතයින් අද (29) අත්සන් තැබීය. 

ඒ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය. 

විරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබුවේ නුගේගොඩ පැවති උත්සවයකදීය. 

මේ අතර, ජාතික සංවිධාන එකමුතුවේ හැට වැදෑරුම් සමාජ සම්මුතිය සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාම වැළැක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සකස් කළ 'රණවිරු විත්ති වාචිකය' එහිදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙත පිළිගැන්වුණි.

මෙහිදී අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, 

'මේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න තිබියදී මට ජනපති අපේක්ෂකයෙක් වීමට ලැබීම ගැන මම හිතන්නේ ජාතියෙන් මට ලැබුණු වගකීම හැටියට. තමන්ගේ පැවැත්ම සඳහා ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් නායකයන් සියලුම දෙනා අපි හෙළිදරව් කළ යුතුයි. මොවුන්ට බිලියන් ගණන් සල්ලි දෙන්නේ කවුද?. එක දවසට රැස්වීම් 3ක් තියන්න සල්ලි දෙන්නේ කවුද ?. තමන්ගේ ජීවිතය පරදුවට තැබූ සොල්ලාදුවාට අද නින්දට යන්න විදියක් නැත්නම්... මානසික සහනයක් නැත්නම් ඒ දූෂිත දේශපාලනඥයින් ගැන සෙවිය යුතුයි.'

'ඊයේ පෙරේදා දම්පාටින් ආපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ සඳහන් වෙනවා... 'සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම..' පුළුල් කරන්නේ මොකටද? යුද විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කරවන්න. මම ඉතාම වගකීමෙන් කියනවා... මගේ ජීවිත කාලය තුළ රණවිරුවන් රැකීමට සියලුදේ කරනවා.'


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT