Local

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප ‍අප්‍රේල් 10දා. අවම වැටුප 40,000ට නඟී

Sunday, 16 March 2025 - 7:48 am

චක්‍රලේඛය මාර්තු 28ට පෙර

අවම වැටුප 40,000ට නඟී

රජය මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප්, වැටුප් වර්ධක දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමටත්, එම මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මාසික වැටුප් ලබාදීමේ සාමාන්‍ය දිනට ප්‍රථම එනම් අප්‍රේල් 10 වැනිදා ලබාදීමටත් කටයුතු සූදානම් කරමින් පවතියි.

ඒ අනුව වසර 2025 අදාළ අය – වැය මාර්තු 21 වැනිදා සම්මත කර ගැනීමෙන් සතියකට පසු වැඩි කළ වැටුප් හා දිරිදීමනා ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට රජය කටයුතු යොදා තිබේ.

වසර 2025 අය-වැය ඉකුත් පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවක වැටුප්, දිරිදීමනා, ප්‍රසාද දීමනා වැඩි කිරීමට යෝජනා කළේය.

මෙම මස 21 වැනිදා අය-වැය සම්මත වීමත් සමඟ එම වැඩි කළ මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ඇතුළත් චක්‍රලේඛය මාර්තු 28 වැනිදාට ප්‍රථම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව එම චක්‍රලේඛය නිකුත් වීමත් සමඟ වැඩි කළ වැටුප් සහ දීමනා රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප ලෙස එම මස 10 වැනිදා ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් දිනමිණට ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. ඊට අමතරව තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනා මූලික වැටුපට ඒකාබද්ධ කිරීමට යෝජනා කළේය.

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල, කාර්යමණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ ද වැටුප් සහ වැටුප් වර්ධක ඉහළ යනු ඇත.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT