Sports

නික්ලස් පූරන්ගෙන් වාර්තාවක්

Thursday, 05 September 2024 - 8:24 pm

විස්සයි- 20 පිටියේ වසරක් ඇතුළත වැඩිම හයේ පහර එල්ල කළ පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානයට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක නිකලස් පූරන් සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ග්‍රේල් අබිබවා යමින් පූරන් එම වාර්තාව පිහිටුවා තිබුණි.

ඒ අනුව නිකලස් පූරන් 2024 වසරේ දී මේ වනවිට විස්සයි- 20 පිටියේ හයේ පහරවල් 139ක් එල්ල කිරීමට සමත්ව ඇත.

මේ වනවිට පැවැත්වෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී ටි්‍රන්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් එක් ඉනිමක දී පන්දු 43ක දී ලකුණු 97ක් රැස්කළ නිකලස් පූරන් එම ඉනිමට දැවැන්ත හයේ පහරවල් 09ක් එක් කළේය.

ක්‍රිස් ග්‍රේල් වසරක දී විස්සයි- 20 පිටියේ රැස්කළ වැඩි ම හයේ පහර සංඛ්‍යාව ( 2015 වසරේ දී) බිඳ හෙළීම සඳහා නිකලස් පූරන් පන්දු 1145කට මුහුණ දී ඇති අතර ක්‍රිස් ග්‍රේල් ඒ සඳහා පන්දු 1012කට මුහුණ දී තිබීම නිසා එම අවස්ථාව පූරන් ගෙන් ගිලිහිණි.

විස්සයි-20 පිටියේ දී ක්‍රිස් ග්‍රේල් 2012 වසරේ හයේ පහරවල් 121ක්, 2011 වසරේ දී 116ක් සහ 2016 වසරේ දී 112ක් වශයෙන් එල්ල කර තිබිණි.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT