Local

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

Wednesday, 09 July 2025 - 10:50 am

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම නැඟෙ­න­හිර පළාතේ මහ ඇමැ­ති­ව­ර­ය­කුව සිටි සිව­නේ­ස­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් නොහොත් පිල්ලෙ­යාන්ගේ මෙහෙ­ය­වී­මෙන් මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්කය තුළ සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැර ගැනීම්, අතු­රු­දන් කිරීම්, වධ­කා­ගාර පව­ත්වා­ගෙන යෑම්, කප්පම් ගැනීම් ඇතුළු අප­රාධ සම්බ­න්ධ­යෙන් කෙ‍ෙරන විම­ර්ශ­න­ව­ලට අදා­ළව තිරු­ක්කෝ­විල්හි පදිංචි ව්‍යාපා­රි­ක­යකු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (07) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ඒ අනුව මේ වන විට මෙම අප­රාධ සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යන්ට අදා­ළව පිල්ලෙ­යාන් ඇතුළු පස්දෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මුලින්ම අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ පිල්ලෙ­යා­න්වය. ඒ නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප කුල­පති මහා­චාර්ය ශිව­සු­බ්‍ර­ම­නි­යම් රවී­න්ද්‍ර­නාත් මහතා පැහැ­ර­ගෙන අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් සැක­පි­ටය. ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධා­න­යන්ට අනුව මේ වන විට රැඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන පිල්ලෙ­යා­න්ගෙන් ප්‍රශ්න කෙරෙන අතර එහිදී අනා­ව­ර­ණය වූ ඇතැම් තොර­තුරු සහ විම­ර්ශන ඔස්සේ සෙසු සැක­ක­රු­වන් සිවු­දෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඒ පසු­ගිය 06 සහ 07 යන දෙදින තුළය. මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් පිල්ලෙ­යාන් සමඟ සිටි සන්නද්ධ කණ්ඩා­යම් සාමා­ජි­ක­යන් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අතර නැඟෙ­න­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ජන­පති සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රි­යකු ලෙස කට­යුතු කර ඇති කුමා­ර­ස්වාමි පුෂ්ප­කු­මාර් නොහොත් ඉනිය භාරතී ද සිටියි. පසු­ගිය කාලයේ ඔහු ප්‍රභූ ආර­ක්ෂා­වක් යටතේ සිට ඇති බවත් අක්ක­ර­ප­ත්තුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු ගොනු බහා තිබූ ගබ­ඩා­වට 2022 වස­රේදී ගිනි තැබීම මෙහෙ­යවා ඇත්තේ ඔහු විසින් බව­ටත් තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. මෙම සැක­ක­රු­වන්ට අම­ත­රව පෙරේදා (07) අත්අ­ඩං­ගු­වට ගත් ව්‍යාපා­රි­කයා පුෂ්ප­කු­මාර් නමැති 44 හැවි­රිදි වියේ පසු­වන අයකු වන අතර ඔහු ද පිල්ලෙ­යාන්ගේ කණ්ඩා­යමේ සිටි ක්‍රියා­කා­රි­ක­යකු බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් හඳු­නා­ගෙන ඇත. මෙදි­නම අක්ක­ර­ප­ත්තුවේ පදිං­චි­ක­රු­වකු වන 34 හැවි­රිදි වියේ පසු­වන ඒ. යුව­රාජ් නමැති අයකු ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මේ හැරුණු කොට පසු­ගිය 06 වැනිදා ඉනියා භාරතී සමඟ එස්. තව­සී­ලන් නමැති 44 හැවි­රිදි වියේ පසු­වන අයකු ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අත්අ­ඩං­ගු­වට ගත්තේය.


Top Stories
wedivistara

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව පැවැත්වීමට තීරණයක්

wedivistara

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප ලබාදීමට නියෝග

wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි


NEWS ALERT