International

ඉන්දියාවට ඇමරිකානු තීරුබදු සහන?

Sunday, 13 July 2025 - 8:23 pm

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉන්දියාව සූදානම්ව ඇති බව වාර්තා වෙනවා.

මේ අනුව, ඉන්දියාවට පනවා ඇති තීරුබදු 20% ට වඩා අඩු මට්ටමකට අඩු කිරීමට ඉඩ ඇති අතර, ගෝලීය වශයෙන් නව, වඩා ආක්‍රමණශීලී තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන ඇමරිකාව හමුවේ, කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉන්දියාවට වාසිදායක ස්ථානයක් හිමි වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සතියේ අනෙකුත් රටවලට මෙන් ඉන්දියාවට අමෙරිකාවෙන් නිල තීරුබදු ඉල්ලීම් ලිපියක් නොලැබෙනු ඇති බවත්, ඒ වෙනුවට, වෙළඳ ගිවිසුම ප්‍රකාශයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ය.

මෙම විභව ගිවිසුම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනෙකුත් බොහෝ වෙළඳ හවුල්කරුවන් සමඟ අනුගමනය කරන ප්‍රවේශයට වඩා බෙහෙවින් වෙනස් වන අතර, අගෝස්තු 1 වන දින නියමිත කාලසීමාවට පෙර, ට්‍රම්ප් මේ සතියේ අනෙකුත් වෙළඳ හවුල්කරුවන් වෙත සමහර අවස්ථාවලදී 50% තරම් ඉහළ තීරුබදු අනුපාත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෑතකදී ඔහු NBC පුවත් සේවයට පැවසුවේ තවමත් තම තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දී නොමැති බොහෝ රටවල් සඳහා 15% ත් 20% ත් අතර සාමාන්‍ය තීරුබදු පැනවීමට සලකා බලන බවයි.

බොහෝ ඇමරිකානු වෙළඳ හවුල්කරුවන් සඳහා වත්මන් ගෝලීය මූලික අවම බද්ද 10% කි.

මේ වසරේ ධවල මන්දිරය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කළ පළමු රටවල් අතර ඉන්දියාව ද විය.

සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දීය නියෝජිත කණ්ඩායමක් ඉක්මනින් වොෂින්ටනයට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT