විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දාසයකට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ක් අහිමි වී ගොස් තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ එම පිරිස් මැතිවරණ දිනයේදී ද එම රටවල රැකියාවලට නිරත වීමට සිදුව ඇති නිසා ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇති බවයි.
මැද පෙරදිග රටවල පමණක් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ නවයක පමණ ප්‍රමාණයක් සේවයේ නිරත වී සිටින බවත් එම කාර්යාංශය සදහන් කරයි.